රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පවසා සිටියේ කොරෝනා ආසාදිත වූ දරුවන්ට වැළඳෙන එම්.අයි.එස්. - සී නැමැති රෝගී තත්ත්වයක් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවයි.
මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ එම රෝගය වැළඳුනු දරුවන් හතළිස් පස් දෙනකු පමණ ප්‍රතිකාර ලබන බවත් ඉන් දරුවන් හතර දෙනකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් මෙම රෝගී තත්ත්වය වාර්තා වන බවත් දරුවන්ට සති දෙකත් හයත් අතර කාලයකින් පසුව මෙම රෝගී තත්ත්වය වැළඳෙන බවත් විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පැවසීය. එමහතා වැඩිදුරටත් සඳහන් කළේ දරුවාගේ ඇඟේ ප්‍රතිදේහ වෙනත් අවයවවලට බලපෑම් කිරීම මෙම තත්ත්වය වන බවත් හදවතට බලපෑම් කිරීම වඩාත් භයානක විය හැකි බවත්ය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.