
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ “ඇඳන් 10000 සංකල්පය” යතාර්ථයක් බවට පත් කරලීමේ අරමුණින් කොරෝනා රෝගින් වෙනුවෙන් මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණයේ ඉදිකල කොවීඩ් රෝහල සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමන්ගේ අධීක්ෂණයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා විවෘත කළා.
නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම මත ලැබුණු රුපියල් මිලියන 15 ක මුදලින් මෙම නව රෝහල ඉදි කිරීම ආරම්භ කර ඇත.
එසේම වෘත්තීය
පුහුණු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ උපදෙස් පරිදි ජාතික වෘත්තීය
පුහුණු අධිකාරියේ සභාපති එරංග බස්නායක මහතා විසින් රෝහල්
වාට්ටු සංකීර්ණයට ඇඳන් 500 ක් පිරිනමා තිබෙවනා.
තවද කොළඹ
දිස්ත්‍රික් දිසාපති ප්‍රදීප් යසරත්න මහතා විසින් මෙට්ට 500 ක පරිත්‍යාගයක්ද සිදු
කර ඇත.
මේ අතර කොළඹ ටොරින්ටන් පරිශ්‍රයේ “ඇවිදින
සංගමයේ” ව්‍යාපාරික
ප්‍රජාව විසින් ඇඳ ඇතිරිලි කොට්ට සහ අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක
මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.
මෙම
රෝහලේ කොවිඩ් රෝගීන් 500 දෙනෙකුට නේවාසිකව ප්‍රථිකාර ලබා ගත හැක.
කොළඹ
ජාතික රෝහලේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණය මත මෙය ක්‍රියාත්මක වනවා.
මෙම ව්‍යාපෘතිය
වෛද්‍ය තුෂාර මැටිවලගේ මහතා හා නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සම්බන්ධිකරණ ලේකම් මෙන්ම
කොළඹ දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති මහින්ද සෙනරත් බණ්ඩාර මහතාගේ නිරික්ෂණය
හා පූර් ණ අධික්ෂණය යටතේ සිදු කර ඇත.
දිගු
කලක් වැඩ අවසන් නොවී තිබුණු මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා කොළඹ දිසාපති ප්‍රදීප්
යසරත්න මහතා, සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් කමිටුවේ සභාපති විශේඥ වෛද්‍ය අන්ද්‍රානි
මහතා, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරී මහත්ම මහත්මීන් මෙන්ම කොලොන්නාව ප්‍රාදේශීය
ලේකම් තුමා ඇතුළු යුධ හමුදා නිළධාරින් දැඩි පරිශ්‍රමයක් දරා තිබෙනවා.
මෙම රෝහල් පරිශ්‍රයේ වෛද්‍යවරුන්ගේ විවේකාගාරය, හෙදියන්ගේ විවේකාගාරය මෙන්ම සුළු සේවක විවේකාගාරය සෑදීම සඳහා රුපියල් ලක්ෂ 8ක් පමණ වැය වී ඇති අතර ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් චන්ද්‍රගුප්ත මහතාගේ මැදිහත් වීම මත පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වරයා හා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් මැදිහත් වී ඇති අතර කොළඹ රොටරි සමාජයේ සභාපති අරුණ ආර්. මලලසේකර මහතා හා වෛද්‍ය තුෂාර මහතා මෙන්ම කොළඹ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිළධාරී ධම්මික මහතා ඇතුළු කාර්‍යය මණ්ඩලය ද මෙම රෝහල ඉදි කිරීම වෙනුවෙන් විශාල සහයෝගයක් දක්වා ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.