ඉන්දීයාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස මිලින්ද මොරගොඩ රාජකාරි අරඹයි.

මහා සංඝරත්නයේ ආශීර්වාද මැද  මිලින්ද මොරගොඩ ඉන්දීයාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයෙහි රාජකාරි කටයුතු අරඹයි.

මහා සංඝරත්නයේ ආශීර්වාද මැද  මිලින්ද මොරගොඩ ඉන්දීයාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයෙහි රාජකාරි කටයුතු අරඹයි.

ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා වශයෙන් නම් කරන ලද මිලින්ද මොරගොඩ මහතා අද (අගෝ. 30 පෙරවරුවේ) නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී නිල රාජකාරි ඇරඹීය. කැබිනට් නිල තත්ත්වය සහිතව පත් කරන ලද මොරගොඩ මහතා ඉන්දීය ජනාධිපති රාම් නාත් කොවින්ද් මහතා වෙත සිය අක්ත පත්‍ර භාරදීමට නියමිතය.

වැඩ බලන මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මහතා ඇතුළු කාර්ය මණ්ඩලය අභිනව මහ කොමසාරිස්වරයා පිලිගත් අතර ආගමික කටයුතු වලින් අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඡායනා මැද රාජකාරි ආරම්භ කරන ලේඛනවලට අත්සන් තබා ඇත. සියම් නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය, ආචාර්ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් පිරිස පංචශීලයෙහි පිහිටුවන ලද අතර කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහා නායක රාජකීය පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද, සියම් නිකායේ කෝට්ටේ ශ්‍රී සාමග්‍රී සංඝ සභාවේ අනු නායක මහාචාර්ය කොටපිටියේ රාහුල සහ ඉන්දියානු මහාබෝධි සංගමයේ මහ ලේකම් පැලවත්තේ සීවලී යන හිමිපාණාන් වහන්සේලා සූම් ඇප් යෙදවුම මගින් අන්තර්ජාලය භාවිතා කර සෙත් පිරිත් දේශණා කිරීම විශේෂත්වයක් විය.


2021-23 මිලින්ද මොරගොඩ මහතා ගේ ධුර කාලය තුළ ඉන්දීය, ශ්‍රී ලංකා දූත මණ්ඩල සඳහා වූ ඒකාබද්ධ රාෂ්ට්‍ර ක්‍රමෝපාය මෙහි දී ප්‍රකාශයට පත් කළේය. ඉන්දු ශී්‍ර ලංකා සබ`දතා තවදුරටත් ශක්තිමත් කරනු ස`දහා දැක්මක් එමගින් ඉදිරිපත් කර තිබේ. බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේ, අංගුත්තර නිකායේ, ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දේශනා කරන ලද සද්ධා,  සීල,  ත්‍යාග, සහ පඤ්ඤා යන සතර සම්පදා මෙම ප්‍රකාශනයට පදනම් කරගෙන ඇත. එහි ස`දහන් මූලික අංශ දෙකකි. දූත මණ්ඩල උපාය මාර්ග රාමුව හා එහි පරමාර්ථ සහ අරමුණු පළමු කොටසට අඩංගු අතර එකී පරමාර්ථ හා අරමුණු විග්‍රහ කොට එක් එක් අරමුණු ක්‍රීයාත්මක කළ යුතු ව්‍යුහාත්මක ආකාරය වෙන් කර දැක්වීම දෙවැනි කොටසට ඇතුලත් කර තිබේ. දූතමණ්ඩල පරමාර්ථ හතක් හා ඒවාට යටත් අරමුණු තිහක් ද මෙම රාශ්ට ක්‍රමෝපායේ දක්වා ඇත. 


දේශපාලන සබඳතා තරකරගනිමින්, රටවල් දෙක අතර දැනට පවතින ද්විපාර්ශ්වික සබඳතා ක්‍රමෝපායී මට්ටමකට රැගෙන ඒම, විදේශ ආයෝජන සහ රටට අවශ්‍යම කරන අපනයන ආදායම වැඩි කිරීම ඇතුළු කරුණු එහි ඇතුලත්ය. Zසෞභාග්‍යයේ දැක්මZ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සාර්ව ආර්ථික ඉලක්ක සපුරා ගැනීමේ පරමාර්ථයෙන් මෙහෙයැවෙන අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රමෝපායී සහයෝගීතාව අරමුණු කෙරේ. රටවල් දෙක අතර භූමි කලාපයේ හා ඉන්දියානු සාගරයේ ආරක්ෂාව යන ක්ෂේත්‍රවල අවධානය, ශ්‍රී ලංකාවේ අභිලාෂයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණ සහිතව සංස්කෘතික, අධ්‍යාපන සහ විද්‍යා-තාක්ෂණ වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම ගැන ද මෙහි ස`දහන්ය. ඉන්දියාවේ ජනතාව වෙත සමීපවීමේ මෙන්ම දෙරටේ ජනතාව අතර සබඳතා තර කිරීමේ අරමුණෙන්, ජනතාවාදී සහ රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම් හරහා ශ්‍රී ලංකාව පිළිබඳ වඩාත් ධනාත්මක ප්‍රතිරූපයක් ඉන්දියාව ඇතුළත නිර්මාණය, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සම්බන්ධකතාව ඉහළ නැංවීම සහ අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ සාගර සම්පත් ආරක්ෂා කරගැනීමට ඇති අභිලාෂයන් ප්‍රවර්ධනය කිරීම යන කරුණු මෙම සංග්‍රහයෙහි තවදුරටත් ඇතුලත්ය. සම්පූර්ණ ලියැවිල්ල යඑඑචිථරැරැඅඅඅගිකයජසබාස්ගදරට වෙබ් අඩවියෙන් කියැවිය හැකිය. 


ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා සලකා කැපවීමෙන් හා කණ්ඩායම් හැ`ගීමකින් ක්‍රියා කරන අතර දැනට පවතින අසීරු අවස්ථාවේ දී විදේශගත දූත මණ්ඩල නියෝජිතයන් රට වෙනුවෙන් කරන සේවාව අගය කරන බව ද මිලින්ද මොරගොඩ මහ කොමසාරිස් ධුරයෙහි වැඩ භාරගනිමින් කියා සිටියේය.

අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ඉන්දීයාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස මිලින්ද මොරගොඩ රාජකාරි අරඹයි.
ඉන්දීයාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස මිලින්ද මොරගොඩ රාජකාරි අරඹයි.
මහා සංඝරත්නයේ ආශීර්වාද මැද මිලින්ද මොරගොඩ ඉන්දීයාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයෙහි රාජකාරි කටයුතු අරඹයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOkT1Ula5MjGch9eNiGqs-Pcv4UzYQNnyq-Y2RT0nOIQr3s52H9m9bE0b1FRJxvNakklgne5bLasIu9FOFcSuRsnyyk7BV3z8bEbG2iXbzCxIKqdSngK3UuDFBaCGxAYRPXXn1N89fpc4/s16000/02-milinda-moragoda-assumes-duties-as-the-new-sri-lankan-high-commissioner-to-india.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOkT1Ula5MjGch9eNiGqs-Pcv4UzYQNnyq-Y2RT0nOIQr3s52H9m9bE0b1FRJxvNakklgne5bLasIu9FOFcSuRsnyyk7BV3z8bEbG2iXbzCxIKqdSngK3UuDFBaCGxAYRPXXn1N89fpc4/s72-c/02-milinda-moragoda-assumes-duties-as-the-new-sri-lankan-high-commissioner-to-india.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/09/02-milinda-moragoda-assumes-duties-as-the-new-sri-lankan-high-commissioner-to-india.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/09/02-milinda-moragoda-assumes-duties-as-the-new-sri-lankan-high-commissioner-to-india.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content