සිංහරාජ ලෝක උරුමය හරහා, ලංකාගම සිට නෙළුව දක්වා ඉදිකරන මාර්ගයේ ඉදිකිරීම්වලින් සියයට 98ක්ම මේ වන විට අවසන්ව ඇතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඇමතිවරයා සඳහන් කළේ මෙම මාර්ගය පරිසර පද්ධතියට හානි නොවන අයුරන් ඉදිකර ඇති බවයි. එමෙන්ම එය ඉක්මනින්ම ජනතා අයිතියට පත්කිරීමට පියවර ගන්නා බව කී ඇමතිවරයා කොවිඩ් වසංගත තත්වය තිබියදී වුවත් මේ මාර්ගය ඉදිකිරීමට ශක්තිය දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තුතිවන්ත වන බව ද කීවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂය ප්‍රමුඛ අනෙකුත් විරුද්ධ මතධාරීන් මෙම මාර්ගයේ කටයුතු ආරම්භ කළ දා සිටම එයට විරුද්ධව කතා කළ බවත් ඔවුන් කිසිවෙක් මෙම මාර්ගයට හොඳක් කීවේ නැතැයි ද ප්‍රකාශ කළේය.
මෙහි ගස් කපනවා සිංහරාජය විනාශයි කියා ඔවුන් කීවත් මෙම මාර්ගය ඉදිකිරීමේදී කිසිඳු ගසක් කපා දැමුවේ නැති බවත් මෙහි ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය මගින් සිදු කළ බව ද හෙතෙම කීවේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.