නුවරඑලිය මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ජයරත්න මහත්මිය ඉදිරියේදි අවිවාහක තෙමස් ගැබිනියක් තම නිවසේ මල් පාත්තියක් තුළ වළ දැමුවේ යැයි කියන බිලිදු කළලයක් අද ගොඩ ගත්තේය.
එම 26 හැවිරිදි අවිවාහක ගැබිණි තරුණිය ගබ්සාවෙන් පසුව ප්‍රතිකාර ලබා ගැනිමට නුවරඑලිය මහ රෝහල වෙත පසුගිය (31) දින ඇතුලත් වි ඇත. වෛද්‍යවරුන් විසින් ඇය පරික්ෂා කිරිමෙන් අනතුරුව ඇයට ගබ්සාවක් සිදු වි ඇති බවට නුවරඑලිය පොලිසියට කරන ලද දැනුම් දිමක් මත පරීක්ෂණ අරඹා තිබේ.
ඇය පදිංචි නිවස සහ නිවස අවට (01) දින පරික්ෂා කිරිමේදි එම තරුණිය විසින් වල දැමුවේ යැයි කියන කළලය වල දමා තිබු ස්ථානය හදුනාගෙන නුවරඑලිය පොලිසියේ නිලධාරින් විසින් මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේදි ගොඩ ගත්තේය.
මහෙස්ත්‍රාත්වරියගේ නියෝග මත ගොඩගත් කළලය පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නුවරඑලිය පොලිසිය ක්‍රියා කළේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.