ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැමැති රූක්ෂ ගස කඳින් කපා වෙන් කළ ද නැවත ශක්තිමත්ව ලියලනු ඇති බවයි.
චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය මෙහිදි සඳහන් කරේ රූක්ෂ ගස බිහි වන දා තමා ජීවතුන් අතර සිටී දැයි නොදන්නා නමුත් ලියලා ගෙන එන රූක්ෂ ගසට ශක්තියක් දෙන්න අවශ්‍ය තරුණ පරපුරක් හදන්නට තමා උර දෙන බවය.
ඇය තම අදහස් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පක්ෂය සම්පූර්ණයෙන් විනාශ කරන්නටර් බැරි බවත් ශක්තිමත් පදනමක් නිර්මල දර්ශනයක් තිබෙන ශ්‍රේෂ්ඨ මිනිසුන් කීප දෙනෙක්ගේ ලෙයින් සනිටුහන් කළ ඉතිහාසයක් තිබෙන පක්ෂය විනාශ කරන්න බැරි බවත්ය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.