රට තුළ පවතින සීනි හිඟයට විසඳුමක් ලෙස රසකැවිලි, බිස්කට් ආදී කර්මාන්ත සඳහා උක් පැණි යොදා ගැනීමට කටයුතු කරන බව කුඩා වැවිලි බෝග වගා සංවර්ධන, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා පවසනවා.
ඒ අනුව උක් පැණි නිෂ්පාදනය සඳහා මේ වසර තුළ ගම්මාන කිහිපයක් පිහිටුවා සකසුරුවම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කරන බවත් ඒ සදහා අවශ්‍ය යන්ත්‍ර උපකරණ ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
ඔහු පැවසුවේ ලංකාවේ පහසුවෙන් උක් වගා කළ හැකි ප්‍රදේශ මොනවාද යන්න සොයා බලා අතීතයේ පැණි නිෂ්පාදනය කිරීමට යොදා ගත් ක්‍රමවේදයන් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව මේ වන විටත් එම ප්‍රදේශ මොනවාද යන්න සොයා බැලීමට උක් පර්යේෂණායතනයේ සභාපතිවරයාට තමා දැනුම් දුන් බවත් ගාල්ල, මාතර, පුත්තලම, කිලිනොච්චිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල උක් වගාව ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් කියා සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.