අසභ්‍ය වීඩියෝ පටයක් රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් නිර්මාණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි
එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයකු සඳහන් කළේ කාන්තාවක විසින් මෙම අසභ්‍ය වීඩියෝ දර්ශන සහ ඡායාරූප සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් මගින් අන්තර්ජාලයට යොමු කර ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වන බවයි. දම්සක් පදනම නම් සංවිධානයක සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් කරනු ලැබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.
අසභ්‍ය වීඩියෝ දර්ශනය සහ අසභ්‍ය ඡායාරූප ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් හරහා සමාජ මාධ්‍ය තුළ ඉකුත් සතියේදී සංසරණය වූ අතර මේ වන විට එම ස්ථානය හඳුනා ගනිමින් අදාල වීඩියෝ පටය සමාජගත කිරීම පිළිබඳව කරුණු විමර්ශනය කරමින් සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.