දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සඳුදා (06) දින සිට දීර්ඝ කරනවාද නැද්ද යන්න හෙට (3) තීරණය කිරීමට නියමිතයි.
මෙම තීරණය හෙට (3) දිනයේ දී රැස්වෙන කොවිඩ් -19 පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ගැනීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
දැනට පවතින අගුලු දැමීම ඔක්තෝබර් 2 දක්වා හෝ අවම වශයෙන් සැප්තැම්බර් 18 දක්වා දීර්ඝ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ කණ්ඩායම පවසා තිබේ.
අගුලු දැමීම සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 2 දක්වා දීර්ඝ කළ හොත් එයින් පිළිවෙලින් මරණ 7,500 ක් සහ 10,000 ක් ගලවා ගත හැකි වනු ඇති බව ද ඔවුන් පවසා තිබේ.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනි ආචාර්ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසාසිටියේ දැනට පවතින අගුලු දැමීම තවත් සති 2 කින් දීර්ඝ කළ යුතු බවයි.
අගෝස්තු 20 දින පනවා තිබූ දින 10 ක අගුලු දැමීම සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශ මත සැප්තැම්බර් 06 දක්වා දීර්ඝ කරන ලදි..
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.