රට තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමග පසුගිය දා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ජේෂ්ඨ නාගරික මන්ත්‍රී පියන්ත සහබන්දුගේ මහතා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කාඩ්බෝර්ඩ් වලින් සාදන ලද මිනී පෙට්ටි ව්‍යාපෘතියක් හඳුන්වා දෙනු ලැබුවා.
"මෙම ව්‍යාපෘතියේ අරමුණ වුණේ කොවිඩ් -19 හේතුවෙන් මිය යන තම සමීපතයින්ගේ දේහය මිහිදන් කිරීමට හෝ ආදාහනය කිරීමට රුපියල් 30,000ක් 40,000ක් වැනි මුදලකට සාමාන්‍ය ලී පෙට්ටි ලබා ගැනීමට නොහැකි ජනතාවට සහන සැලසීමයි."
මෙම කාඩ්බෝඩ් පෙට්ටි රුපියල් 5,000 ක් වැනි මුදලකට ලබා ගත හැකි අතර මෘත ශරීරාගාරයේ සිට දේහය ආදාහනය කිරීම , අවමංගල්‍යය රථය ඇතුළු සියලු සේවාවන් රුපියල් 10,000 ක් වැනි ඉතා අඩු මුදලකට සිදු කළ හැකි බව ඔහු පවසනවා.
මෙම නව සංකල්පය පිළිබඳ පැහැදුණු වියට්නාම් රජය මේ වන විට මෙම කාඩ්බෝඩ් මිනීපෙට්ටි දහසක් ඇනවුම් කර ඇති අතර එළඹෙන සදුදා එය නැව් ගත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මේ දිනවල විශාල ලී මිනීපෙට්ටි ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින් එම ලී මිනී පෙට්ටියක් සෑදීම සඳහා අවම වශයෙන් ගස් දෙකක් වත් කපා දැමිය යුතු බවයි. පරිසර හිතකාමී නිෂ්පාදනයක් වන මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමෙන් පරිසරයද ආරක්ෂා කර ගත හැකි බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.