ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , ඇමෙරිකාවේ "ෆයිසර් " එන්නත් මාත්‍රා 76,000 ක් , අද (13) අලුයම කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
කිලෝ ග්රැම් 445 ක් බරැති පෙට්ටි තුළ මෙම එන්නත් තොගය අසුරා ඇත.
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් මගින් මෙම එන්නත් තොගය ගෙනැවිත් ඇත. කිව්.ආර්.- 668 දරනකටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් , අද දින අලුයම 02.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම එන්නත් තොගය රැගෙන විත් තිබුණි .
ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා මේ පිළිබඳව සිදු කළ විමසීමකදී පැවසුවේ ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් රුසියාවේ "ස්පුට්නික් - V" එන්නත් මාත්‍රා 120,000 ක් සහ චීනයේ " සයිනොෆාම් " එන්නත් මාත්‍රා 40 ලක්ෂයක් ද මෙම සතිය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




