2021 නොවැම්බර් මස 05 දින සඳහා කාලගුණ අනාවැකිය
2021 නොවැම්බර් මස 04 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සබරගමුව, ඌව, මධ්‍යමසහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



