බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඊයේ (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන පළමු අවස්ථාව මෙය වන බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ආරංචිමාර්ග පවසයි.
විශේෂ මාධ්‍ය හමුවක් අද පස්වරුවේ පවත්වමින් මේ පිළිබඳව නිලවශයෙන් ප්‍රකාශ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ යන මහත්රුන් ප්‍රකාශ කරයි.
පිරිපහදුව වසා දැමීමට හේතුව බොරතෙල් නොමැති වීම බවත් බොර තෙල් රැගත් නැවක් පැමිණීමට නියමිතව ඇත්තේ ලබන දෙසැම්බර් මස තුන්වැනි සතියේ බැවින් ඒ් දක්වා සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට සිදුව ඇති බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පවසයි.
දෙසැම්බර් මස ළගා වන බොරතෙල් නැවෙන් ලැබෙන බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000 දින 15 කට පමණක් ප්‍රමාණවත් බවත් බොරතෙල් ලැබීමට නියමිතව ඇත්තේ ජනවාරි මස මැද බවත් දැනගන්නට ද වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ කිසිදු තෙල් හිඟයක් ඇති නොවන බවයි. අවශ්‍ය තෙල් තොග රට තුළ තිබෙන බවත් තෙල් හිඟයක් එන්නේ නම් තමා ඊට කලින් පවසන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.