නව කැලණි පාලම "කල්‍යාණි රන් පිවිසුම" නමින් විවෘතවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම 'කල්‍යාණී රන් පිවිසුම' නමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ අතින් ඊයේ (24) විවෘත විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම 'කල්‍යාණී රන් පිවිසුම' නමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ අතින් ඊයේ (24) විවෘත විය
.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට  බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6කින් යුත් මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරු 4ක් වන ආකාරයෙන් නිර්මාණය කර තිබේ.

ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) මූල්‍ය දායකත්වයෙන් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරුණු අතර මෙහි කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380ක් වෙයි.

පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලැබුණු අතර පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539ක් සහ දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896ක් වැය කර තිබේ.


ජනාකීර්ණ පරිසරය හරහා ඉදිවන මෙම ව්‍යාපෘතියේ කැළණි තිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසදිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරිම සදහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක ප්‍රභේද පමණක් රෝපණය කර ඇති අතර එම ශාක වෙත නොකඩවා ජලය සැපයීමට  භුගත ස්වයංක්‍රීය ජල නල පද්ධතියක් ද ඉදි කර තිබේ.

දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි ද අවදානය යොමු කරමින් මෙම පාලම  විදුලි ආලෝකකරණය කර තිබේ.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන නගරය හා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ එකිනෙකට සම්බන්ධ වීම නිසා කොළඹ නගරයට ඇතුල් වන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවී ඇති අතර එවැනි අධික වාහන සංඛ්‍යාවක් සඳහා වත්මන් කැලණි පාලමේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස  සිටි 2014 වසරේදී මෙම නව කැලණි පාලම ඉදිකිරිම සදහා ගිවිසුම් අත්සන් කෙරුණ අතර මෙහි ඉදිකිරීම් ආරම්භ වුයේ 2017 වසරේදීය.

මෙම විවෘත කිරීමේ රාජ්‍ය උත්සවය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සංවිධානය කර තිබූ අතර  මහා සංඝරත්නය, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු මැති ඇමතිවරු, අමාත්‍යාංශ නිලධාරීහු සහ ඉදිකිරී කටයුතු සඳහා දායක වූ සියලුම අංශ නියෝජනය වන පරිදි කම්කරුවාගේ සිට ඉංජිනේරුවා දක්වා පිරිසක් ද  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව කැලණි පාලම "කල්‍යාණි රන් පිවිසුම" නමින්  විවෘතවෙයි
නව කැලණි පාලම "කල්‍යාණි රන් පිවිසුම" නමින්  විවෘතවෙයි
නව කැලණි පාලම "කල්‍යාණි රන් පිවිසුම" නමින්  විවෘතවෙයි


අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.


Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: නව කැලණි පාලම "කල්‍යාණි රන් පිවිසුම" නමින් විවෘතවෙයි
නව කැලණි පාලම "කල්‍යාණි රන් පිවිසුම" නමින් විවෘතවෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම 'කල්‍යාණී රන් පිවිසුම' නමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiqE2ls6Xh-9J5XkPm7J4qCc4kQ6hauQxehUkOolzKsEOZwCZik1sFfOHVjMw7QsaCD72ebBvmo-t0yZWfrKX4czJ3aB0--FuQ74xerC_vDYotJiOWASPLZY3qTODZGODz5Tnl6D52JRgM-uL8IpUJNeKFlYH5ve5F3WiwQUD2zKjo0KBkCrGPiHNHX=s16000
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiqE2ls6Xh-9J5XkPm7J4qCc4kQ6hauQxehUkOolzKsEOZwCZik1sFfOHVjMw7QsaCD72ebBvmo-t0yZWfrKX4czJ3aB0--FuQ74xerC_vDYotJiOWASPLZY3qTODZGODz5Tnl6D52JRgM-uL8IpUJNeKFlYH5ve5F3WiwQUD2zKjo0KBkCrGPiHNHX=s72-c
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/11/25-golden-gate-kalyani-the-new-kelani-bridge-opened.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/11/25-golden-gate-kalyani-the-new-kelani-bridge-opened.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content