හිටපු අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්වූ බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
සිරිසේන කුරේ මහතා මිය යන විට 90 හැවැරිදි වියේ පසුවිය.
ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉතා සමීපතමයකු වන සිරිසේන කුරේ මහතා 1979 සිට 1989 දක්වා වසර 10ක් කොළඹ පුරපති ඒ් මහතා ඔහු 1989 වසරේ 9 වැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් කොළඹින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.