ශ්‍රි ලංකාවේ ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය තිබෙනවා දැයි තවම සහතික කර කිව නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශකරයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඊට අදාළ ජාන අනුක්‍රමණ පරීක්ෂණ දිගටම කරගෙන යන බවත් ඒවායේ ප්‍රතිඵල ලැබෙන තුරු තමාට සහතික කොට කිසිම වචනයක් ප්‍රකාශ කළ නොහැකි බවත් සඳහන් කළ ඒ් මහතා නව සැර කොරෝනා ප්‍රභේදවලින් ගැලවීමට ඇති එකම මාර්ගය එන්නත්කරණය බවද පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.