දියතලාවේ හා ඇඹිලිපිට්යේ ගෑස් පිපිරුම් දෙකක් වාර්තාවේ.
දියතලාව දොඩම් වත්ත හෙලවත්ත නිවසක අද (30) ගෑස් ලිපක් පිපිරී ගොස් ඇතැයි දියතලාව පොලිසිය පවසයි.
මෙම පිපිරීමෙන් ජීවිත හානි කිසිවක් නොමැති බව ද පොලීසිය පවසයි.
"ගෑස් ලිප් පුපුරන බව කියන නිසා අපි උදේ දර ලිපෙන් තමයි කෑම හැදුවේ. මමයි අම්මයි නංගිලා දෙන්නයි ගෙදර ඉන්නේ. හයයි තිහට විතර අම්මා නංගිව පාසල් යවන්න පාරට එක්කරගෙන ගියා. මම කාමරයේ හිටියේ. කුස්සියෙන් එක් වරම විශාල ශබ්දයක් ඇසුනා. මම බෙඩ් ෂීට් එකක් අරගෙන ඇවිත් වහලා රෙගුයුලේටරය ගලවලා ගෑස් සිලින්ඩරේ එළියට දැම්මා. ගෑස් ලිප විනාශ වී තිබුණා යනුවෙන් ගෑස් ලිප පුපුරන අවස්ථාවේ නිවසේ සිටි අයෙකු ප්රකාශ කරයි.
මේ අතර ඇඹිලිපිටිය පොලිස් වසමට අයත් කදුරුගස්ආර ප්රදේශයේ වෙළඳසැලකට යාබදව පිටුපස පිහිටි නිවසේ ගෑස් ලිපක් පිපිරී ගොස් ඇතැයි ඇඹිලිපිටිය පොලීසිය පවසයි.
වෙළඳසැල අයිතිකරුගේම නිවසේ මෙම පිපිරීම සිදු ඇත. ජීවිත හානි කිසිවක් නැති අතර මහ හඬින් ඇසුණු පිපුරුම් ශබ්දයෙන් පසු වෙළදඳසැල් හිමියා වහා මුලුතැන්ගෙට ගොස් ගෑස් සිලින්ඩරයේ රෙගියුලේටය අසලින් ගෑස් පිටතට යාම නවත්වා සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වාගෙන ඇති බව ද පොලීසිය කියාසිටී.
මෙම නිවසේත් ගෑස් ලිප පුපුරා ගොස් තිබූ බව ද පොලීසිය පවසයි. ඇඹිලිපිටිය පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.