පසුගිය දිනවල රට පුරා ප්‍රදේශ රැසක ඇති වූ අයපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41 කට බලපෑම් එල්ල වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහ මහතා පැවසීය.
එම අනපේක්‍ෂිත වැසි, ගං වතුර සහ සුළං තත්වය හේතුවෙන් පවුල් 1444 කට අයත් පුද්ගලයන් 5790 ක් ආපදාවට පත්වූ බව එමහතා සඳහන් කළේය.එහිදී පූර්ණ නිවාස හානි තුනක් සහ අර්ධ නිවාස හානි 409 ක් වාර්තා වී ඇත.මෙහි දී පුද්ගලයන් සිවුදෙකෙන් මරණයට පත්ව ඇති අතර එයින් පුද්ගලයන් දෙදෙනෙක් ගං වතුරට ද, දෙදෙනෙක් අකුණුවලට ද බිලි වී ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 යන දුරකථනය හරහා පැය 24 පුරාම ආපදාවට පත්ව සිටින පුද්ගලයන්ට තොරතුරු ලබාදිය හැකි බවත් සුදත්ත රණසිංහ මහතා කීය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



