රුසියාව ඕනෑම අවස්ථාවක යුක්රේනය ආක්‍රමණය කළ හැකි බැවින් ඇමෙරිකානු පුරවැසියන් ඉදිරි පැය 48 තුළ වහාම යුක්රේනයෙන් ඉවත් වන ලෙස ඇමරිකාව අනතුරු අඟවා තිබෙනවා.
ආක්‍රමණය ගුවන් ප්‍රහාරයකින් ආරම්භ විය හැකි බැවින් එවිට රටින් පිටවීම අසීරු විය හැකි බව ධවල මන්දිරයෙන් ප්‍රකාශ කරයි.
ඕනෑම අවස්ථාවක යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාවට හැකි අතර මේ වන විටත් දේශසීමා ආසන්නයේ ලක්ෂයකට අධික භට පිරිස් රැඳී සිටින බවයි ඇමරිකාව පවසන්නේ.
මේ අතර යුක්‍රේනයේ රැඳී සිටින ජර්මන් ජාතිකයන්ටද යුක්රේනයේ හැර යන ලෙස ජර්මනිය උපදෙස් දී තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



