මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියකු වන චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද (14) අළුයම ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ප්‍රහාරක් එල්ල කර තිබෙනවා.
ඒ අනුව අද අලුයම 02.10ට පමණ වහල දෙසින් යම් ශබ්දයක් ඇසුණු බවත් නිවසේ ජනෙල් කිහිපයක් බිඳී ඇති අයුරු දක්නට ලැබුණු බවත් ඔහු පවසයි.
සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කරගත් නාඳුනන පුද්ගලයින් සිව් දෙනෙක් නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාගේ හිසට තුවක්කුව තබා තර්ජනය කරන අයුරු සී.සී.ටී.වී කැමරාවල සටහන් වී තිබෙනවා.
මේ පිළිබඳ ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



