රුසියානු නාවික අභ්‍යාස හේතුවෙන් 14 වන දා සිට 19 වනදා දක්වා කළු මුහුදට ඉහළින් පියාසර කිරීමෙන් වළකින ලෙස යුක්රේනය ගුවන් සමාගම්වලට දැනුම් දී තිබෙනවා.
යුක්රේනයේ රාජ්‍ය ගුවන් ගමනාගමන සේවය පවසන්නේ කල්තියා වෙනත් මාර්ග සැලසුම් කර ගන්නවා ලෙසයි.
ඒ අනුව ක්‍රීමියා අර්ධද්වීපය අසල මේ වන විටත් නැව් තිහකට වැඩි ප්‍රමාණයක් පුළුල් නාවික අභ්‍යාස ආරම්භ කර ඇති බව RIA පසුගියදා වාර්තා කළා.
මෙම මාස සහ ලබන මාසය තුළ පැසිෆික් සාගරයේ සිට අත්ලන්තික් සාගරය දක්වා සියලුම යාත්‍රා සම්බන්ධ කරගනිමින් පුළුල් අභ්‍යාස මාලාවක් පවත්වන බව රුසියාව පසුගිය මාසයේ නිවේදනය කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



