හෙද පරිපූරක සහ හා අතුරු වෛද්‍ය වෘත්තිය සමිති වර්ජනය 8 වන දිනටත් අද ක්‍රියාත්මක වනවා.
පසුගියදා කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ නියෝගය හේතුවෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තාවකාලිකව වර්ජනයෙන් ඉවත් වීමට තීරණය කළ ද තවත් වෘත්තිය සමිති 17ක් අඛණ්ඩව 8 වන දිනටත් වැඩවර්ජනයේ නිරත වනවා.
කෙසේ වෙතත් රටපුරා සෞඛ්‍ය සේවා අඩාල වීම නිසා රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ රජය විසින් වාරණ නියෝග පැනවීම ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බවයි.
එමෙන්ම බිබිල මූලික රෝහලේ පැවැති උත්සවයකට සහභාගීවෙමින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ වෘත්තීය සමිතිවල බලපෑම්වලට යටත්වීමට තමන් සූදානම් නැති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



