ගෙවුණු මාස දෙකක කාලය තුළ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල 32%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
මේ හේතුවෙන් පසුගියදා ඉන්දියානු තෙල් සමාගම තෙල් මිල මිල ඉහළ දැමීමත් සමඟ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද තෙල් මිල ඉහළ දැමීමට රජයෙන් ඉල්ලීමක් කර ඇත.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් රජයෙන් නිශ්චිත ප්‍රතිචාරයක් ලැබී නැති බව වාර්තා වනවා.
මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසන්නේ ඉන්ධන මිල සූත්‍රයක් කෙටුම්පත් කර ඇති අතර එය ලබන විසි එක් වන දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.
ඒ අනුව ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් වීමත් සමඟ මෙරට ඉන්ධන මිල සංශෝධනය කළ හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



