බජාජ් ඔටෝ සමූහයේ නිර්මාතෘ රාහුල් බජාජ් මහතා ඊයේ (12) ඉන්දියාවේ පූනේ හිදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 83 හැවිරිදි වියේ පසු වුණා.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී රාහුල් බජාජ් සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී සිය පුත්‍රයා වෙත එම වගකීම් භාර දී තිබෙනවා.
ලොව ප්‍රසිද්ධ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සන්නාමයක් පමණක් නොව ඉන්දීය කර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමී චරිතයක් වූ රාහුල් බජාජ් මහතා රක්ෂණ,ආයෝජන, පාරිභෝගික මූල්‍ය, වානේ සහ සංචාරක ක්ෂේත්‍රවල ද නම් දැරූ පුද්ගලයෙක් වනවා.
ඔහුගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් ඉන්දියාවේ ජනාධිපති රාම්නාත් කෝවින්ද් මෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ශෝක පණිවිඩ නිකුත් කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



