තලෙයිමන්නාරමට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙක් සහ ට්‍රෝලර් යාත්‍රා 02ක් ඊයේ (12) රාත්‍රියේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව පැවසුවේ උතුරු මැද නාවික විධානය විසින් තලෙයිමන්නාරමට උතුරින් වෙරළ ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මෙම ධීවරයින් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට පත් ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රා ඉදිරි විමර්ශන කටයුතු සඳහා ධීවර අධිකාරිය වෙත බාරදීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



