ඕස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ පැවති දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා පිලට තරඟ ගාස්තුවෙන් 20% ක දඩ මුදලක් නියම කර ඇත.
නියමිත වේලාවට පන්දුවාර නොයැවීම හේතුවෙන් තරග තීරක මණ්ඩලයේ ඩේවිඩ් බූන් විසින් මෙම සම්බාධක පනවා ඇත.
මේ අතර ජාත්‍යන්තර තරගයක් අතරතුර අසභ්‍ය වචන භාවිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිතිකරු පැතුම් නිශ්ශංකටද අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ පැතුම් නිශ්ශංක යන දෙදෙනාම තම වැරදි පිළිගෙන යෝජිත සම්බාධක පිළිගත් බැවින් විධිමත් විභාගයක් අවශ්‍ය වී නොමැති බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



