කෙරවළපිටිය බටහිර වෙරළ විදුලි බලාගාරය සහ සොජිට්ස් විදුලි බලාගාරය දින දෙකකට පසු නැවත යථා තත්ත්වයට පත්කළ බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා පවසයි.
ඒ අනුව කෙරවළපිටිය බටහිර වෙරළ බලාගාරයෙන් මෙගාවොට් 270ක් ද සොජිට්ස් බලාගාරයෙන් මෙගාවොට් 130ක් ද වශයෙන් මෙගාවොට් 400ක ප්‍රමාණයක් අද (14) පස්වරුවේ ජාතික විදුලිබල පද්ධතියට එක් කරනු ලැබුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



