ප්‍ර
ධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන 33 හැවිරිදි මානවඩුගේ අසංක මධුරංග හෙවත් 'පරිප්පුවා' පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි අතර විශේෂ කාර්ය බලකායේ බළකායේ නිලධාරීන්ටත් ලද තොරතුරකට අනුව අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් ඊයේ රාත්‍රියේ (14) අඹන්පොළ කෝන්කඩවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී 'TYPE82' ජීව අත්බෝම්බයක් ද සොයාගත් බව විශේෂ කාර්ය බලකාය පවසනවා.
වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු අඹන්පොළ පොලිසිය වෙත භාර දී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



