2022 ජාතික අයවැය යෝජනාවලිය යටතේ ක්‍රියාත්මක කරනු ලබන ගෘහ ආර්ථික සුරක්ෂිත වැඩසටහන මගින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 2000 භාණ්ඩ මල්ලක් ලබා දීමට තීරණය කර ඇත.
ඒ අනුව සෑම ග්‍රාම නිළධාරි වසමකින් ම විශේෂ නිර්ණායක යටතේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 40ක් සඳහා මෙම බඩු මල්ල හිමිවන අතර ප්‍රතිලාභී පවුල්වලට හිමිවන ඩිජිටල් කාඩ්පත භාවිත කරමින් භාණ්ඩ මිල දී ගත හැක.
මීට අමතර ව වතු කම්කරු පවුල් 115,867 ක් සඳහා මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලක් යටතේ ලබා දීමට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



