දින නවයක් පුරා පැවති සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවි කුමුදේශ් පවසයි.
ඒ අනුව හෙට (16) උදෑසන 8 සිට දින 14ක් දක්වා වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇත.
සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ විධායක කමිටුව අද (15) රැස් වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග පසුගියදා පැවති සාකච්ඡාව විසඳුමකට එළැඹීමෙන් තොරව අවසන් වුණා.
ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී උද්ඝෝෂකයන්ට එරෙහිව පොලිසිය විසින් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට සරත් වීරසේකර අමාත්‍යවරයා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ උද්ඝෝෂකයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසත් ඔවුන් පිළිබඳව ජනතාව තීරණය කරනු ඇති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



