කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාර්සල් පහක තිබී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් 'කුෂ්' සහ 'එක්ටසි' නැමැති මත් පෙති තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකාව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත් වුණා.
මෙම පාර්සල් බ්‍රිතාන්‍ය ජර්මනිය සහ කැනඩාව යන රටවලින් කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල ව්‍යාජ ලිපින සඳහන් කර ඒවා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුසන්ත සිල්වා මහතා පවසයි.
මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ලද ආවේක්ෂණ රාජකාරිවල දී පෞද්ගලික භාණ්ඩ තුළ සූක්ෂමව සඟවා තිබූ කුෂ් ගංජා ග්‍රෑම් 472ක් සහ එක්ටසී මත්පෙති 302ක් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයට බාරදීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



