කොළඹ ගංගාරාම විහාරස්ථානයේ 43 වන නවම් මහා පෙරහර මෙවරත් අද (15) සහ හෙට (16) වීදි සංචාරය කෙරේ.
සියලු සෞඛ්‍ය ආරක්ෂක විධි විධානවලට අනුකූලව මහජන සහභාගිත්වයෙන් තොරව පෙරහැර වීදි සංචාරය කරන අතර සියලුම දේශීය රූපවාහිනී නාලිකා හරහා මෙවරත් සජීවීව විකාශනය කරන බව සංවිධායක කමිටුව පවසනවා.
මෙවර පෙරහරට නර්තන කණ්ඩායම් 40 ක් සහ අලි ඇතුන් 12 දෙනෙක් පමණ සහභාගීවන අතර පෙරහැර උද්‍යාන වීදියේ සිට ශ්‍රී ජිනරතන පාර, හුණුපිටිය වැව පාර, ඩබ්ලිව්.ඒ.ඩී රාමනායක මාවත , ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, නවම් මාවත හන්දිය ඔස්සේ නවලෝක රෝහල ඉදිරිපිටින් ආපසු හැරී ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, සීමා මාලකය ඉදිරියෙන් මුත්තයියා පාර, බේබෲක් වීදිය, නුග ගස වටරවුම, ශ්‍රී ජිනරතන පාර හුණුපිටිය පාර ඔස්සේ නැවතත් ගංගාරාම විහාරස්ථානයට ළඟා වීමට නියමිතයි.
ඒ අනුව නවම් මහ පෙරහැර හේතුවෙන් සවස 5 සිට පෙරහැර අවසන් වන තුරු 15 සහ 16 දෙදින කොලඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



