මතුගම බාලිකා පාරෙ නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් 38 හැවිරිදි තිදරු මවක් එම ස්ථානයේ දී මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ දිල්ෂානි පෙරේරා නම් කාන්තාවක් වන අතර මරණයට නිශ්චිත හේතුවක් මේ වන තෙක් අනාවරණය වී නොමැත.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ මියගිය කාන්තාව, ඇගේ ස්වාමිපුරුෂයා සහ දරුවන් තිදෙනා නිවසේ සිට ඇති බව වාර්තා වනවා.
වෙඩි තැබීම සඳහා භාවිත කළ ටී 56 වර්ගයේ ගිනි අවියක උණ්ඩ කොපු 06ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
මතුගම මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර ඇති අතර සැකකරුවන් සොයා විශේෂ විමර්ශන ආරම්භ කර ඇති බව මතුගම පොලිසිය පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



