මෙරට සිදුවන සියලුම මරණ සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන අවස්ථාවේ දී පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
අදාළ සෞඛ්‍ය බළධාරීන් වෙත චක්‍රලේකයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය නම් එය අදාළ අධිකරණ වෛද්‍යවරයාගේ අභිමතය පරිදි සිදු කළ හැකි බවයි.
කෙසේවෙතත් මරණය කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් සිදු වුවහොත් ආදාහනය කිරිමේ ක්‍රමය නැවත දැනුම් දෙන තුරු පෙර චක්‍රලේඛවලට අනුව නොවෙනස්ව පවතින බව එහි වැඩිදුරටත් සඳහන් වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



