පසුගිය 09 වනදා මිරිස්ස ධීවර වරායෙන් රැකියාව සඳහා පිටත් ව ගිය යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් අතර ගැටුමක් ඇති වී තිබෙනවා.
මෙම ගැටුම ඇති වී තිබෙන්නේ 'කැන්ගරු' නම් බහුදින ධීවර යාත්‍රාවේ ගමන් ගත් ගාල්ල තල්පේ ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් අතරයි.
මෙහි දී යාත්‍රාවේ සිටි එක් පුද්ගලයෙක් අනෙක් පුද්ගලයන් සිව් දෙනාට දැඩි ලෙස පහර දී වෙනත් යාත්‍රාවකින් පලා ගොස් ඇත.
පහරදුන් පුද්ගලයා යාත්‍රාවේ සන්නිවේදන උපකරණ පද්ධතියට ද හානි කිරීම නිසා දින 06ක් පුරා අනෙක් ධීවරයින්ට ගොඩබිමට පණිවිඩයක් ලබා දීමට නොහැකි වු බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් පහර කෑ ධීවරයින් සිව් දෙනා අද උදෑසන ගාල්ල වරායට සේන්දු වී තිබුණා.
තුවාල ලැබූ පිරිස රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



