මෙරට ගර්භණී මව්වරුන් සදහා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීමට තීරණය කර ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා සඳහන් කළේ මෙමගින් මව මෙන්ම බිළිඳා ද ආරක්ෂා වන බවයි.
"පසුගිය කාලයේ අපි දැකපු දෙයක් තමා පූර්ණ එන්නත්කරණය ඒ කියන්නේ බූස්ටර් එන්නත ලබා දුන්න ගර්භණී කාන්තාවන්ට කිසිදු ආකාරයක සැලකිය යුතු සංකූලතාවක් කොවිඩ් රෝගය නිසා ඇති වුණේ නෑ. අපි දන්නවා මේ එන්නත්කරණයට භාජනය කරත් කෙනෙකුට රෝගය හැදෙන්න පුළුවන්.හැබැයි ඒ මගින් සංකූලතා ඇති වෙන්නේ නැත්නම් අපි ඒ ගැන අනවශ්‍ය බියක් ඇති කර ගන්න ඕනෙ වෙන්නෙ නෑ."
එමෙන්ම බූස්ටර් එන්නත සම්බන්ධයෙන් සමාජයේ පැතිර යන විවිධ කටකතා පිළිබඳ අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන කියා සිටියේ බූස්ටර් එන්නත මගින් ලිංගික ආබාධ ඇති වීම හෝ දරුඵල අහිමිවීම වැනි ගැටළු ඇති වන බව කිසිදු අවස්ථාවක ඔප්පුකර නැති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



