සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන මන්න රමේෂ්ගේ සමීපතමයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දනය ඒකකයට ලද තොරතුරක් මත අවිස්සාවේල්ල ඉහල තල්දූව ප්‍රදේශයේ දී තිස් දෙහැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගේ නිවෙස පරික්ෂා කිරීමේදී කේරළ ගංජා ග්‍රෑම් 235ක් සහ මත්පෙති 50ක් මෙන්ම රුපියල් ලක්ෂයකට ආසන්න මුදල් ද සොයාගෙන තිබෙනවා.
මීට අමතරව සැකකරුගේ ත්‍රිරෝද රථයේ සඟවා තිබී කඩු දෙකක් ද සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වී ඇත.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අවිස්සාවේල්ල පොලිසිය වෙත භාරදී ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



