2022 IPL තරඟ වෙන්දේසියේ දී චෙන්නායි සුපර් කින්ග්ස් (CSK) කණ්ඩායමට ශ්‍රී ලංකාවේ දඟ පන්දු ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තෝරාගැනීමට එරෙහිව එල්.ටී.ටී.ඊ හිතවාදීන් විසින් විරෝධය පළ කර තිබෙනවා.
මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරියෙක් වීම හේතුවෙන් මෙලෙස තමිල්නාඩු ප්‍රාන්ත වැසියන් සහ චෙන්නායි සුපර් කින්ග්ස් ක්‍රීඩාලෝලීන් එම කණ්ඩායමට දැඩි අප්‍රසාදය පළ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පසුගියදා බැංගලෝර්හි පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී මහීෂ් තීක්ෂණ ඉන්දියානු රුපියල් ලක්ෂ 70 කට අලෙවි වීමෙන් පසුව සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචන එල්ල කර ඇත.
එල්.ටී.ටී.ඊ සංවිධානය සමග වසර තිහක් පුරා පැවති යුද්ධයේ දී දමිළ ජනතාවට සිදු වූ අසාධාරණකම් මෙන් ම ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී තමිල්නාඩු ධීවරයන්ට හිරිහැර සිදු වන පසුබිමක CSK කණ්ඩායමට ඔහුව මිලදී ගැනීම අනුමත කළ නොහැකි බවත් වහාම ඔහුව කණ්ඩායමෙන් ඉවත් කරන ලෙසත් එල්.ටී.ටී.ඊ හිතවාදී ක්‍රියාකාරීන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත් CSK කණ්ඩායම මෙතෙක් ඒ පිළිබඳව කිසිදු තීරණයක් ගෙන නැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



