දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන නව කොවිඩ් වෛරස ප්‍රභේදය වන 'නියෝකොව්' එරට වවුලන්ගෙන් හඳුනාගත් බව චීන විද්‍යාඥයින් පවසයි.
මෙම නව ප්‍රභේදය මිනිසාට කෙතරම් දුරට බලපානවා ද යන්න පිළිබඳ තවදුරටත් පර්යේෂණ සිදු කළ යුතු අතර ලෝක සත්ව සෞඛ්‍යය ,ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය සමඟ එක්ව එම කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සතුන්ගෙන් පැතිරෙන වසංගත රෝග සියයට 75ක් ම මිනිස් සිරුරට අහිතකර බවත් ඉන් වැඩි ප්‍රමාණයක් නව වෛරස ප්‍රභේද වශයෙන් මිනිස් සමාජය තුළ ව්‍යාප්ත වීමට ඉඩ ඇති බවයි.
එම වෛරස් අතරින් වැඩි ප්‍රමාණයක් වවුලන් හරහා මිනිසුන් අතර පැතිරීමට ඉඩ ඇති බැවින් මෙ වැනි නව වෛරසය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් නිවේදනය කරයි.
'නියෝකොව්' නව කොවිඩ් ප්‍රභේදය ලොවට හඳුන්වා දී ඇත්තේ මීට පෙර කොරෝනා වෛරසය පිළිබඳ ව අනාවරණය කළ චීනයේ වූහාන් නුවර විද්‍යාඥයින් පිරිස ම වීම විශේෂත්වයකි.
මෙම නව වෛරසය පැතිරීමේ හා මරණයට පත් වීමේ ඉහළ අවදානමක් ඇති අතර විද්‍යාඥයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම ප්‍රභේදය ආසාදිත වූවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු මිය යෑමට ඉඩ ඇති බවයි.