පසුගිය ජනවාරි 27 වනදා පානදුර කේතුමතී රෝහල ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් පිළිබඳ සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් මිලියනයක් පිරිනමන බව පොලිසිය පවසයි.
යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් සිවු දෙනෙකු ගිලන් රථයට වෙඩි තබා පලා ගොස් ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අපරාධ කොට්ටාශය සහ කලුතර අපරාධ කොට්ටාශය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
ඒ අනුව සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.
පොලිසිය විසින් ප්‍රසිද්ධියට පත් කළ තොරතුරු වලට අනුව පානදුර, වලාන, අංක 198, ගැමුණු මාවත යන ලිපිනයේ පදිංචි 24 හැවිරිදි කඳානආරච්චිගේ ප්‍රමෝද් සඳකැලුම් නොහොත් සිම් මල්ලි සහ
අංක 52/1 , පළමු පටුමග, හිරණ යන ලිපිනයේ පදිංචි 23 හැවිරිදි බැමිණ හන්දිගේ චමිඳු සංකල පීරිස් යන සැකකරුවන් මෙලෙස සොයනු ලබයි.
සැකකරුවන් පිළිබඳ යම් තොරතුරක් ඇතොත් 0718592686 අංකය හරහා බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට හෝ 0718592745 අංකය යටතේ කලුතර අපරාධ කොට්ටාශ අධ්‍යක්ෂවරයාට තොරතුරු ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් දැනුම් දෙනවා.