ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් 2022 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශුරතාවය දිනාගැනීමට ඊයේ (31) සමත් වුණා. ඒ ලොව වැඩිම වාර ගණනක් ග්‍රෑන්ඩ් ස්ලැම් ටෙනිස් ශූරතාව දිනා ගත් ක්‍රීඩකයා බවට පත් වෙමින්.
මින් පෙර ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව 20 වතාවක් ජයග්‍රහණය කළ නඩාල් ඔහු සමඟ සම මට්ටමේ සිටි තරගකරුවන් දෙදෙනෙකු පරදා මෙම ජයග්‍රහණය හිමි කරගෙන තිබෙනවා.
එමෙන්ම මෙය ඔහු ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවය දිනාගත් දෙවන අවස්ථාව ද වනවා.