බෙලරූස් රාජ්‍යයේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන ශ්‍රී ලාංකික සිසුන් ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.
බෙලරූස් රාජ්‍යයේ මේ වන විට සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 1600 පමණ රැඳී සිටින අතර බෙලරූස් රාජ්‍යයට ආසන්නයේ පවතින මොස්කව් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඔවුන්ව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
එරට උසස් අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික සිසුන්ගේ දෙමව්පියන් විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාට සහ මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයට අග්‍රාමාත්‍යවරයා විසින් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව අදාළ විශ්වවිද්‍යාල සමඟ සාකච්ඡා කරමින් එම සිසුන්ට රුසියාවට පැමිණීමේ වීසා බලපත්‍ර ලබා ගැනීමටත් ඒ හරහා ශ්‍රී ලංකාවට පැමිණීමේ පහසුකම් සැලසීමටත් කඩිනම් පියවර ගැනීමට උපදෙස් ලබා දී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



