අපරාධ රැසකට සම්බන්ධ අධිකරණ 11ක් මගින් වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවකු වත්තල වැලිඅමුණ ප්‍රදේශය දී ඊයේ (01) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු ජංගම දුරකතන සොරකම් කිරීම්, රන් භාණ්ඩ කොල්ලකෑම්, යතුරුපැදි සොරා ගැනීම් සහ වෙළඳසැල් වලට ඇතුළු වී දේපොළ සොරා ගැනීම් ඇතුළු චෝදනා රැසකට සම්බන්ධ පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.
හතළිස් දෙහැවිරිදි මෙම සැකකරු මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහුට එරෙහිව අලුත් කඩේ, අත්තනගල්ල, කෑගල්ල, වත්තල, ගල්කිස්ස, මාරවිල, කන්තලේ, මීගමුව සහ මිනුවන්ගොඩ යන අධිකරණවලින් වරෙන්තු නිකුත් කර ඇති අතර මීට පෙර අධිකරණය මගින් වරදකරු වීම නිසා සිර දඬුවම් ලැබීම,දඩ මුදල් ගෙවීම් හා ප්‍රජා සේවයේ යෙදවීම වැනි දඩුවම් වලට ද ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු අද (02) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



