රුසියාව විසින් යුක්‍රේනයේ මධ්‍යම චතුරස්‍රයට සහ දෙවන නගරය වන Kharkiv වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි රුසියාවට යුධ අපරාධ චෝදනා එල්ල කරනවා.
Kharkiv නගරයේ නිදහස් චතුරස්‍රයේ පිහිටි ඔපෙරා හවුස් ප්‍රසංග ශාලාවට සහ රජයේ කාර්යාවලට පහර දීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් 35 දෙනකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ව්ලැදිමීර් පුටින්ගේ හමුදාව යුක්රේනයට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් Kharkiv ප්‍රදේශයේ Chuguev තොටුපළට පහරදීමෙන් පසු යුක්රේනියානුවන් තවත් ලේ වැගිරීම් දිනයකට මුහුණ දෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Kyiv අගනුවර මධ්‍යයේ පිහිටි SBU ඔත්තු සේවා ආයතනයට පහරදීමට රුසියානු හමුදා සූදානම් වන විට යුක්‍රේන වැසියන්ට ඉවත්ව යන ලෙස හෝ මිය යාමට සූදානම් වන ලෙස රුසියාව අනතුරු අඟවා තිබෙනවා.
එහෙත් මෙම අනතුරු ඇඟවීම් නොතකා යුක්රේනයේ ජනාධිපතිවරයා තම නිර්භීත සොල්දාදුවන් සහ සිවිල් වැසියන් සමග ඒකාබද්ධව තවමත් අගනුවර පාලනය කරමින් සිටියි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



