මිලි ග්‍රෑම් 500 පැරසිටමෝල් පෙත්තක මිල ඉහළ දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පැරසිටමෝල් පෙත්තක නව මිල රුපියල් 2.30 ක් වනවා.
මෙම ගැසට් නිවේදනය පසුගිය පෙබරවාරි 28 වනදා සිට බලාත්මකයි.
ඒ අනුව මෙය පැරසිටමෝල් යන වෙළඳ නාමය සම්බන්ධයෙන් වන සියලු නිෂ්පාදන සඳහා අදාළ බව ගැසට් නිවේදනයේ සඳහන් වනවා.
කෙසේ වෙතත් ඉදිරි සති 4න් පසුව රට තුළ සැලකිය යුතු මට්ටමේ ඖෂධ හිඟයක් ඇතිවන බව ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවේ සභාපති ඒ.ජේ.බස්නායක මහතා ඊයේ (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



