රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා වැඩි ඡන්ද 136 කින් සම්මත වී ඇත.
මේ සඳහා වූ ඡන්ද විමසීම ඊයේ (02) පැවැත්වුන අතර ඊට පක්ෂව රටවල් 141 ක් ද විපක්ෂව රටවල් 05ක් ද ඡන්දය ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුව රුසියාව, බෙලරුස්, එර්ත්‍රියාව, උතුරු කොරියාව සහ සිරියාව යන රටවල් මෙම යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.
එමෙන්ම ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, චීනය, දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ ඇතුළු රටවල් 35ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර ඉන් බහුතරයක් ආසියානු රටවල් වීම විශේෂත්වයක්.
1997 වසරෙන් පසු එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය ඔවුන්ගේ පළමු හදිසි රැස්වීම කැඳවා ඇත්තේ රුසියානු යුක්‍රේන යුද ගැටුම් පිළිබඳ සාකච්ඡා කිරීමටයි.අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



