අත්‍යවශ්‍ය බෙදාහැරීමේ ජාල වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් සෙනසුරාදා(05) රාත්‍රි 8.00 සිට ඉරිදා (06) පෙරවරු 10.00 දක්වා පැය 14ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොලඹ 7, 8, 10, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර කොලඹ 2, 3 සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදු කෙරෙනවා.
ප්‍රමාණවත් තරම් ජලය ගබඩා කර ගන්නා ලෙසත් අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙසත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



