දකුණුදිග යුක්රේනයේ ප්‍රධාන වරාය නගරයක් වන Kherson ප්‍රාන්තය රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සතියකට පෙර ආරම්භ කරන ලද දැඩි සටන් වලින් පසුව රුසියාව විසින් අල්ලා ගන්නා ලද පළමු ප්‍රධාන නගරය Kherson බවයි වාර්තා වන්නේ.
එම ප්‍රාන්තයේ නගරාධිපති Igor Kolykhaev පැවසුවේ රුසියානු හමුදා විසින් නගර සභා ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වී ඇඳිරි නීතිය පැන වූ බවයි.
මෙම නගරය තුළ යුක්‍රේන ජාතිකයන් 280,000 කට අධික පිරිසක් ජීවත්වන අතර එම නගරය තුළ යුක්රේන හමුදාවන් නොමැති බැවින් සිවිල් වැසියන්ට වෙඩි නොතබන ලෙස නගරාධිපතිවරයා රුසියානු සොල්දාදුවන් ගෙන් ඉල්ලා සිටියා.
ඊයේ (02) දිනයේ දීත් නගර කිහිපයකට දැඩි ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වී ඇත.
යුක්රේනයේ සිදුවිය හැකි යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ පරීක්ෂණයක් Hague හි ජාත්‍යන්තර අපරාධ අධිකරණය ( ICC) විසින් ආරම්භ කර තිබෙනවා.
යුක්රේන ප්‍රහාර අතරතුර රුසියානු හමුදා භටයන් 498 ක් මියගොස් තවත් 1,597ක් තුවාල ලබා ඇති බව රුසියා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රථම වරට හෙළි කර ඇත.
එමෙන්ම රුසියානු පුවත් සේවාවන්ට අනුව යුක්රේන හමුදා භටයන් 287 කට වැඩි පිරිසක් මියගොස් 3700 ක් පමණ තුවාල ලබා ඇති අතර සිවිල් වැසියන් දෙදහසකට අධික පිරිසක් මිය ගොස් ඇති බව යුක්රේනය වාර්තා කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



