අද අළුයම (03) මන්නාරම, පේසාලේ ,නඩු කුඩා ප්‍රදේශයේදී මිලියන හයකට අධික වටිනාකමින් යුත් මත් මත්පෙති 60000 ක් යුද හමුදාව විසින් සොයා ගෙන ඇත.
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් ඇති මෙම මත්පෙති නඩු කුඩා වෙරළාසන්නයේ කැලෑ ප්‍රදේශයක සඟවා තිබියදී සොයා ගෙන තිබෙනවා.
මන්නාරම යුද හමුදා බුද්ධි නිලධාරීන් වෙත ලැබුණු තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමක දී විශාල පෙට්ටි දෙකක් තුළ ගබඩා කර තිබූ මත්පෙති සොයාගත් බවත් සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් සිටි බවත් යුද හමුදාව පවසයි.
මෙම මත්පෙති තොගය ඉදිරි විමර්ෂන කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිස් ස්ථානයට භාර දී තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



