මෙරට විශාලතම ඉන්ධන පිරිපහදුකරුවා වන ඉන්දියානු තෙල් සමාගම විසින් (IOC) ඉදිරි මාස 4-5 සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය පෙට්‍රල් සහ ජෙට් ඉන්ධන ලබාදෙන බව පවසයි.
රොයිටර් පුවත් සේවයට ප්‍රකාශයක් නිකුත් කරමින් අදාළ සමාගම පවසා ඇත්තේ ශ්‍රී ලංකාව උග්‍ර ඉන්ධන හිඟයකට මෙන්ම දැඩි ආර්ථික අර්බුදයකට එරෙහිව සටන් කරමින් සිටින බැවින් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට මසකට ඩොලර් මිලියන 500ක් අවශ්‍ය වන අතර ණය මාර්ගයක් යටතේ මෙම සැපයුම් සිදු කරනු ලබන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිකුත් කරන ලද ටෙන්ඩරයකට අනුව මෙම ඉන්ධන ලබාදීමට කටයුතු කරන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



